Sunday, September 16, 2018

සමුදුරට ගුවන හමුවන තැන
අනන්තය ඇත
අනන්තය ළග සිතිජය නැත
ළගද නැත දුරද නැත

හිරුට සදු හමුවන තැන
ආලෝකයක් නැත
හිරුද සදුද වෙන් වෙන තැන
අලුත් දිනක් හමුවනු ඇත

ඔබත් මමත් හමුවුවත් අද
අපට අප තවම හමුවී නැත
මට මා හමුවුන දින
ඔබට මා හමු නොවනු ඇත...


ගලක් කර මම හිත
හිදින හැටි මම
මටත් ඉවසුම් නැත
දුක් විදින හැටි දැක

"දුකක් නෑ මට"
කියයි මට මගේ හිත
කදුලු නෑ කැට
වැටෙන්නට හිමිහිට

මුකුත් නෑ මං ළග
හිතක් (පමණක්) ඇත ගලක් උන
ගලුත් පැලවෙයි බයයි මට
මෙහෙමත් (ටික) කලක් යනකොට