Wednesday, July 31, 2013

අහස

ඔයාට පුලුවන් නම්
මේ අහසේ පියාබන්න
තවත්
කිරිල්ලියක් එක්ක
මටත් හිතෙනවා
ඒ අහසට ඉඩදෙන්න
තනි වෙච්ච
තනි තරුවකට
පායන්න...

Saturday, July 27, 2013

අයිතියවත් මට දෙන්න


නෙත් පියාන නුබේ
හිත ළග සැතපෙන්න
හීන දහසක් නැතත්
එකම හීනයක් දෙන්න...

මගේ කියා දෙයක්
මටම හිමි නැති කොට
නුබේ කදුලක
අයිතියවත් මට දෙන්න...

Thursday, July 25, 2013

කමක් නෑ..

 
 














  අදුරු ජිවිතයේ
  කපා කලුවර
  ඔබ..
  සදක් වී පායන්න
  කමක් නෑ
  ඈත තරුව මන් වෙන්නම්

  ඔබේ ජිවිතයේ
  මුදා තනිකම
  ඔබ..
  සිනහව වෙන්න
  කමක් නෑ
  සීත කදුල මන් වෙන්නම්

  අපේ ජිවිතයේ
  ගෙවෙන හැමදාමත්
  ඔබ
  සතුට ගන්න
  කමක් නෑ
  හැම දුකම මට දෙන්න
   

Wednesday, July 24, 2013

කොහිද නුබ



වගතුගක් අසා නුබ ගැන ...
තොරතුරක් නැති තැන ...
සෙනෙහස ඔතා සුලගක ...
එදා වගේම අදත් එවන්නද ...?