Wednesday, October 9, 2013

මිය ගියා..මම..

     ඉන්දවා උසම උස
     ප්‍රර්ථනා කන්දක
     තල්ලු කලා
     මo මුදුනටම
‍     රැගෙන විත්
     නුබ...

    මිය ගියා නම්
    කමක් නෑ
    එත් සිහි නැති උනේ
    මුලු ආත්මයයි
    යන්තම් ඇහිදගෙන
    හුස්ම ගත් මගේ
    ජිවිතයයි



Friday, September 13, 2013

Fading Monsoon



She breezed over and starts her way ,
It was the month of may
Filling the skies speaking her sorrow and anger
Threatens with lightning and blames by thunder
Ocean South west crawls and rises with giant tides
She throws her sorrow to the rusted crust of earth

This was the time I smelled the beauty of earth
And it was the time I met you on earth,
It was poring rain

We felt off common, one life can have,
Walk under monsoon,
Felt sand in our toes,
Walked with joy
Embracing sorrow in all our ways

Time passed by GOOD BYE SAID MONSOON
Never wanted to leave you
Because you fed earth with your rain of love
Didn’t find for shelter every time you cried
I soaked under your rain
I soaked under your love

I always miss you
Because you come and go
And im always yours,
My Fading Monsoon....... 


Friday, August 30, 2013

අහසින් වැ‍ටුන තරුවක්

                                                             අහසින් වැ‍ටුන
                                                             පුන්චි තරුවක්
                                                             ආදරේ කරනකොට
                                                             සුදු නෙලුමකට
                                                             මේ තරම්...
                                                      නොපිපුන මලක්
                                                      ඇවිත් ආයෙත්
                                                      හිත අරන් ගියොත්
                                                                   ආදරේ තියලා යනවද
                                                                   නුබ
                                                                   දුන්නු හිත විතරක්
                                                                   අරන්....
 

Thursday, August 22, 2013

LIFE LOVE HOPE AND FAITH

 
                                     
                                        I remember the  days my eyes saw earth sky and heaven,
                              I remember sweet and haunting dreams
                              I remember how hard life can be than we do
                              I remember hope is the only way out in every struggle of life
                              I remember faith became storng in me in moments of hopeless
 
                              Now I know life we are born is bonded with love,
                              Now I know hope makes us fullfilled in our dreams and goals,
                              FAITH will always stand by every way we fall and rise
 
                              Neither we become heros, stars , or Gods
                              But we are special in every way as long as we live with,
 
                                         LIFE LOVE HOPE AND FAITH

Thursday, August 15, 2013


                         I can feel every word in your universe,
                         flowing on to the ocean of love.
                         sunshine oh rain,
                         you fill my soul.
                         ease off me ,as I need to glow.
                         smell of life and pain of hell,
                         oh heaven I stand by your door.
                         I walk with the shadow,
                         Standing all days of my life
                         I see you only when you become light in my dark
                         Shine one me sunshine will shine for you all my life
                         Rain on me all over to feel your love

Wednesday, August 14, 2013

තාමත් මම


                                          නුබ නොදන්නවා උනාට
                                          නුබට හිමි හැමදේම දීලා මo
                                          එහෙම ගියාට
                                          මo තාමත් අහිමි මටම
                                          මෙහෙම ජිවත් උනාට

Thursday, August 8, 2013

ඉස්කෝලේ


                              දවසක් හැන්දෑවක
                              හිස තියන් මේසෙක
                              හිතුවේ වෙන දෙයක් ගැන
                              මතක් උනේ තව දෙයක් ගැන

                              ඉස්කෝලේ කාලේ අපි හිතුවේ
                              OL AL විතරමයි ජීවිතේ කියලා
                              එපා වෙලා ගණන් සිoහල ඉoග්‍රිසි
                              පන්ති කට් කළා අරලිය ගහ යට

                              OL ඉවර උනා AL තව පාරක් කළා
                              ජීවිතේ ගත උනා අපි වයසටත් ගියා
                              හිතෙනවා දැන් OL කෙතරම් ලේසිද
                              අපරාදේ තව පාරක් කළා නම් AL

                              වයසත් කාලයත් සමග මුන ගැසුන මිනිසුන් අතර
                              සොයනවා තවමත් ඒ ලැබුණ මිතු දම
                              එක වේල බෙදාගෙන කෑවත් වෙන අය සමග
                              ඒදා මිතුදම සොයනු කෙලෙසද ඒ හැම ළග සබද..




Tuesday, August 6, 2013

මිනිසා, ජිවිතය හා මරණය

                                                  දන ගාන ළදරුවා
                                                  පාසල් යන දාට දෙපයින්
                                                  ඉගෙන සිප්සතර යහමින්
                                                  මහ ලොක්කෙක් උනත්
                                                  නොගත්තොත් ගුණ ධර්ම යහමින්
                                                  ගෙදර එන්නේ හතර ගාතෙන්
                                                  අනේ ඉතින්
                                                  මොන කෙරුම් කෙරුවත්
                                                  දාක අවසන්
                                                  හැමට යන්න වෙන්නේ තෙපයින්
                                                  රැගෙන සැරයැටිය අතකින්
!

Friday, August 2, 2013

හැඩකාර කරුමක්කාරී

නුබේ හීන කන්ද තුරුලු කරන්
ආදරේත් මහ ගොඩක් පුරවන්
පේලි හතරක රිද්මයට හැඩ කරන්
කවි ලියපු නුබේ කවිකාරී...


සදෙන් සුදු මුදු පැහැය අරන්
අහසෙන් තරු ඇස් දෙකත් ඉල්ලන්
හිරුට පිපෙන මල් ගොමුවෙන්
පිපුනු නුබේ සුවද හැඩකාරී...

පිය මැන ගියා අපි අත් අල්ලන්
වෙරළ කොනේ හිසට හිස තියන්
නුබ සිපගනිද්දි ඇස් දෙකම පියන්
ඒ තරම් ආදරේ වින්දා නුබේ පින්කාරී...

ලියපු කවි අහුරු ගුලි කරන්
තරු ඇසුත් කදුලින් පුරවන්
තනි මගක යන්න තනි හිත හදන්
ආපහු හැරුනා නුබේ හිතුවක්කාරී...

ආයේමත් ඇවිත් ඔහොම දේ ඉල්ලද්දි ආදරෙන්
දෙන්න තරම් දෙයක් නුබට මගෙන්
කොහින්ද මටත් මන් අහිමි ජීවිතෙන්
නුබත් අහිමි නුබේ කරුමක්කාරී...


Wednesday, July 31, 2013

අහස

ඔයාට පුලුවන් නම්
මේ අහසේ පියාබන්න
තවත්
කිරිල්ලියක් එක්ක
මටත් හිතෙනවා
ඒ අහසට ඉඩදෙන්න
තනි වෙච්ච
තනි තරුවකට
පායන්න...

Saturday, July 27, 2013

අයිතියවත් මට දෙන්න


නෙත් පියාන නුබේ
හිත ළග සැතපෙන්න
හීන දහසක් නැතත්
එකම හීනයක් දෙන්න...

මගේ කියා දෙයක්
මටම හිමි නැති කොට
නුබේ කදුලක
අයිතියවත් මට දෙන්න...

Thursday, July 25, 2013

කමක් නෑ..

 
 














  අදුරු ජිවිතයේ
  කපා කලුවර
  ඔබ..
  සදක් වී පායන්න
  කමක් නෑ
  ඈත තරුව මන් වෙන්නම්

  ඔබේ ජිවිතයේ
  මුදා තනිකම
  ඔබ..
  සිනහව වෙන්න
  කමක් නෑ
  සීත කදුල මන් වෙන්නම්

  අපේ ජිවිතයේ
  ගෙවෙන හැමදාමත්
  ඔබ
  සතුට ගන්න
  කමක් නෑ
  හැම දුකම මට දෙන්න
   

Wednesday, July 24, 2013

කොහිද නුබ



වගතුගක් අසා නුබ ගැන ...
තොරතුරක් නැති තැන ...
සෙනෙහස ඔතා සුලගක ...
එදා වගේම අදත් එවන්නද ...?