Thursday, August 8, 2013

ඉස්කෝලේ


                              දවසක් හැන්දෑවක
                              හිස තියන් මේසෙක
                              හිතුවේ වෙන දෙයක් ගැන
                              මතක් උනේ තව දෙයක් ගැන

                              ඉස්කෝලේ කාලේ අපි හිතුවේ
                              OL AL විතරමයි ජීවිතේ කියලා
                              එපා වෙලා ගණන් සිoහල ඉoග්‍රිසි
                              පන්ති කට් කළා අරලිය ගහ යට

                              OL ඉවර උනා AL තව පාරක් කළා
                              ජීවිතේ ගත උනා අපි වයසටත් ගියා
                              හිතෙනවා දැන් OL කෙතරම් ලේසිද
                              අපරාදේ තව පාරක් කළා නම් AL

                              වයසත් කාලයත් සමග මුන ගැසුන මිනිසුන් අතර
                              සොයනවා තවමත් ඒ ලැබුණ මිතු දම
                              එක වේල බෙදාගෙන කෑවත් වෙන අය සමග
                              ඒදා මිතුදම සොයනු කෙලෙසද ඒ හැම ළග සබද..




No comments:

Post a Comment