Friday, August 2, 2013

හැඩකාර කරුමක්කාරී

නුබේ හීන කන්ද තුරුලු කරන්
ආදරේත් මහ ගොඩක් පුරවන්
පේලි හතරක රිද්මයට හැඩ කරන්
කවි ලියපු නුබේ කවිකාරී...


සදෙන් සුදු මුදු පැහැය අරන්
අහසෙන් තරු ඇස් දෙකත් ඉල්ලන්
හිරුට පිපෙන මල් ගොමුවෙන්
පිපුනු නුබේ සුවද හැඩකාරී...

පිය මැන ගියා අපි අත් අල්ලන්
වෙරළ කොනේ හිසට හිස තියන්
නුබ සිපගනිද්දි ඇස් දෙකම පියන්
ඒ තරම් ආදරේ වින්දා නුබේ පින්කාරී...

ලියපු කවි අහුරු ගුලි කරන්
තරු ඇසුත් කදුලින් පුරවන්
තනි මගක යන්න තනි හිත හදන්
ආපහු හැරුනා නුබේ හිතුවක්කාරී...

ආයේමත් ඇවිත් ඔහොම දේ ඉල්ලද්දි ආදරෙන්
දෙන්න තරම් දෙයක් නුබට මගෙන්
කොහින්ද මටත් මන් අහිමි ජීවිතෙන්
නුබත් අහිමි නුබේ කරුමක්කාරී...


2 comments:

  1. හිතුවක්කාර කරුමක්කාරි
    තවමත් පිංකාරයි
    සිතින් නුඹ අත් නොහැර
    නුඹේ පෙමට තවමත් ආදරය කරන ඔහු නිසා,
    නුඹ අහිමි වුවත් ඔහුට
    නුඹට තවමත් හිමියි ඔහු
    අහිමි මුත් පිනැති නුඹ...වැජඹෙන් සිරින්


    මීට,
    (ඔහුගේ වත්මන් පෙම )

    ReplyDelete
  2. නුඹ....
    පිංකාර හැඩකාරී,
    හැමදාමත් ඔහුගෙමයි,
    ආලවන්ත සිතක,
    ප්‍රථම ප්‍රේමය,
    නිසාවෙන්ම,
    නුඹ....

    ReplyDelete